මං මීට කලින් ගොඩක් earphones පාවිච්චි
කරල තියනවා. සමහරක් ඒව මෙලෝ රහක් නෑ සමහර ඒව OK කියල කියන්න
පුලුවන්. අන්තිමටම order කරා JBL earphone එකක්(made in Vietnam), Rs. 3000ක් විතර cost උනා. Branded නෙ කියල හිතල order කලෙ.. අහල බැලුවම තේරුනේ.
ඒක treble dedicated earphone එකක්. මෙලෝ රහක් නෑ. මගේ
earphone අත්හදාබැලීම් නිසා දැනට Rs. 10,000 ක් විතර පාඩු වෙලා ඇති.
ඔන්න එහෙනම් කියන්නම්කො මම ගිය සතියෙ
order කරපු earphone එක ගැන.
මේකෙ brand එක BlitzWolf. Chinese තමයි, ඒත් ගතියට
හදල තියනවා. Earphone එකකින් බලාපොරොත්තු වෙන මූලිකම දේ sound
quality එකනෙ. වියදම් කරපු ගානට දෙන්න පුලුවන් සුපිරිම sound
quality එක තියනවා මේකෙ. Highs, mids, lows ඔක්කොම නියමෙටම ඇහෙනවා. Sound එකත් මාර crispy. කනටත් හොඳට fit වෙනවා. ඇත්තටම කිවුවොත් කියන්න
තරම් කිසිම අඩු පාඩුවක් නෑ. මං reviews වලත් 5
star දුන්නා. මට මේ earphone එකට cost උනේ Rs.2500ක් වගේ. Original photos ටිකකුත් මං දාන්නම්. මේක ගැන වැඩි විස්තර - More Details
මේ පෝස්ට් එක දාන්න හිතුවෙ ගොඩක්
අය හොයනවා අඩු ගානට හොඳ earphones. ඒ අය ebay වගේ web sites වලින් online order කරල
dissapoint වෙනවා. ඉතිං ඒ අයට option එකක් වෙන්නයි මේක ලිවුවේ.
ඔයාලට හොඳ වැය කිරීමේ හැකියාවක් තියනවනම්
හොඳ brand එකක් බලල earphone එකක් ගන්න. රු. 5000න් විතර
පල්ලෙහා ගන්න පුලුවන් හොඳම earphone එක විදිහට මම නිර්දේශ
කරන්නෙ මේක.

Comments
Post a Comment